සුන්දර ශ්‍රි ලංකාව

අපගේ ශ්‍රි ලංකාව සුන්දර රටකි. මේ පුංචි රටේ ඔබ නොදුටු සුන්දර ස්ථාන කොපමන තිබෙදැයි බලන්න. ඒ ඒ ප්‍රදේශවල ඔබ නොදුටු ස්ථාන කොපමන තිබේදැයි බලන්න.

අම්පාර දිස්ත්‍රික්කය
අනුරාධපුර දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය
ගාල්ල දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කය
යාපනය දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
නුවර දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කය
කිලිනොච්චි දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය
මන්නාරම දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කය
මාතර දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය
නුවර එළිය දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
වවුනියා දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කය

පළාත = = = = = = = නැගෙනහිර පළාත
බිම් ප්‍රමාණය
  • සම්පුර්ණ-------------4,415 km2
  • ගොඩබිම්------------4,222 km2
  • ජලය----------------193 km2
  • ජනගහනය-----------610,719
  • තැපැල් සංකේතය-----32***
  • දුරකථන කේතය------063
දුර ප්‍රමාණ
  • කොළඹ සිට---------360km

දිස්ත්‍රික්කයේ සිමාමායිම්

උතුරින් - පොලොන්නරු හා මඩකලපු දිස්ත්‍රික් මායිමත්
දකුණින් - දකුණු පළාත් මායිමත්

බස්නාහිරින් - මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් මායිමත්

නැගෙනහිරින් - මුහුදු තීරයත්

‍ඓතිහාසික පසුබිම

බුදු රජානම් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී ඓතිහාසික දිගාමඩුලු පුරවරයේ දිගාවැවට වැඩි බැව් ඓතිහාසික කරුණු අනුව පෙනීයයි. එදා දිගාවැව හඳුන්වන ලක්දේ පසුව ප්‍රසිද්ධිය‍ට පත් දීඝවාපිය වේ.

මුල්ම ආර්ය ජනපදයක් වූ දිගාමඩුල්ල පඩුවස් දෙව් රජුගේ කාලයේදී ජනාවාස වූ බවත්, පඩුවස්දෙව් රජයේ බිසවගේ සහෝදරයකු වූ දිර්ඝායු කුමරු විසින් දිඝායුගම ඇති කරන ලද බවත් කියවේ. මෙම දිගායුගම පසුකාලීනව දීඝවාපි, දිගාවැව හා දිගාමඩුල්ල ආදි ලෙසින් හඳුන්වා ඇති බැව් වංශ කථාවල දැක් වේ.

දිගාමඩුල්ල පිළිබඳව කරුණු සෙවූ පියසේන කහඳගම සූරීන් විසින් මහාවංශයට අනුව මෙම ප්‍ර‍දේශය පණුඩුකාභය රජ සමයේ දී අනුරාධපුරය රාජධානිය ය‍ටතේ පැවැති ප්‍රදේශයකයැයි අනුමාන කරනු ලැබේ. එහෙත් දේවානම්පියතිස්ස රජ සමයේ ද , (ක්‍රි.පූ.තෙවන ශතවර්ශය) රුහුණු නිදහස් රාජ්‍යයක්ව පවතින්නට ඇතැයි ද ඔහු තවදුරටත් කියයි. ඒ අනුව දිගාමඩුල්ල රුහුණු යටතේ පාලනය වූ ප්‍ර‍දේශයක් බවට සිතීමට අපට සිදු වේ.

කාවන්තිස්ස රජ සමයේදී ඔහුගේ කණිටු පුත් සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ල‍ට එවන ලද බවත් , ඔහුට පැවරී තිබුණු ප්‍රමුකතම රාජකාරිය වුයේ ආර්ථික තත්වය ස්ථිරසාරව වැඩි දියුණු කිරීම බවත් ඉතිහාසික කරුණු අනුව පැහැදිලි වේ. ඔහු විසින් මෙහි කැඩී බිඳී තිබුණු සියළු වැව් ප්‍රතිසංස්කරණය කොට ඇල මාර්ග තනා කෘෂි කාර්මික අතින් දියුණු ප්‍රදේශයක් කළ බවද පැවසේ.

ඉන්පසු රජබවට පැමිණි බොහෝ රජදරුවන්ගේ බැල්ම මෙම ප්‍රදේශටය වැටුණු බවත්, ඒ අතර වළගම්බා රජු සිව්වන දප්පුල රජු සහ මහා පරාක්‍රමබාහු රජු වැදගත් වන බවත් කියවේ. සිව්වන දප්පුල රජු සමයේ දිගාමඩුල්ල ප්‍රදේශය දියුණු කෘෂි කාර්මික ප්‍රදේශයක් වූ බැව් කොන්ඩව‍ටවාන සෙල් ලිපිය අනුව පැහැදිලිව වේ. කොන්ඩවටවාන සෙල් ලිපිය අනුව පැහැදිලි වේ. කොණ්ඩවටවාන සෙල් ලිපියට අනුව කුඹුරුවලට ලබාගන්නා ජලය සඳහා අය බදු අයකළ බවත් අපතේ හරින ජලය සඳහා දඩ මුදල් අයකළ බවත් දැක්වේ (දැනට මෙය දිස්ත්‍රික් ලේකම් පරිශ්‍රයේ ඇත) මේ නිසා එදා ‍ඓතිහාසික දිගාමඩුල්ල දියුණු කෘෂි කාර්මික ප්‍ර‍දේශයක්ව පැවැති බැව් සැකයෙන් තොරව පළිගැනීමට අපට සිදු වේ.

දිගාමඩුල්ල ‍‍ඓතිහාසික සිද්ධස්ථානවලින්ද හෙබි ප්‍රදේශ‍යක් වේ. ඒ අතර බුද්ධංගල, රජගල, පියංගල, දීඝවාපිය, සමන්ගල, පබ්බත ගිරිය, පුළුකුණාව පුංචි සීගිරය.

එහෙත් මෙසේ දියුණු ශිෂ්ඨා‍චාරයකින් හෙබියාවූ ඓතිහාසික දිගාමඩුල්ලටද නරක කල දසාවක් පැමිණ බැව් පෙනී යයි. ‍ඒ ක්‍රි.ව .1505 දී මෙම දිවයිනට පෘතුගීසීන් ගොඩබැසීමෙන් පසුව ය. අභන්තර ආරවුල් තිබීම නිසා රජවරුන්ට දිගාමඩුල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකිවීමත් එම ආරවුල් සඳහා දිගාමඩුල්ලෙන් සේනා ගෙන්වා ගැනීම නිසාත් මෙහි ඉතිරිව සිටි ජනතාවද ලංකාවේ නිරිතට සංක්‍රමණය වීම නිසාත් මේ ඓතිහිසික කලාපය ජනශූන්‍ය වියැයි කියනු ලැබේ.

ඉන්පසු ක්‍රි.ව.1818 කැරැල්ලෙන් පැරදී පලා ආ වෙල්ලස්සේ අමුත්තන්ගෙන් ඓතිහාසික දිගාමඩුල්ල ජනාවාස වන්නට වූ බවත් නැවතත් සිංහල සංස්කෘතිය මෙහි ඇතිවන්නටත් පටන්ගත් බවත් පෙනේ. ක්‍රි.ව. 1948 දී පමණ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරට නිසා නැවතත් ඓතිහාසික දිගාමඩුල්ලට අරුණළු වැටෙන්න‍ට වූ බැව් ද මෙහිලා මතක් කළ යුතු වේ. ඒ නිසා ජනාවාස රාශියක් බිහිවී දියුණු කෘෂිකාර්මික ප්‍රදේශයක් බවට බත්වූ බවද සටහන් කළ යුතු වේ.

වෙල්ලස්සේ අමුත්තන් මෙහි පැමිණ තනාගත් ගම් පැරණි ගම් ලෙස හඳුන්වන අතර මෙතෙක් උඩර‍ටට අයත් ප්‍රදේශයක්ව පැවැති දිගාමඩුල්ල ඇතුලත් ප්‍රදේශය ක්‍රි.ව.1833 දී ඉංග්‍රිසීන්ගේ පළාත් ‍බෙදීමට අනුව නැගෙනහිර පළාතට අයත් විය. ක්‍රි.ව.1921 වනතෙක් මඩකළපුව දිසාපති වරයා යටතේ වූ දිගාමඩුල්ල ඇතුලත් ප්‍රදේශයේ සිංහග ගම් පාලනය කිරීම සඳහා ක්‍රි.ව. 1921 දී සිංහල පරිපාලන ඒකකයක් ලැබුණු බැව් ප්‍රකාශ ‍වේ. 1962 දී අම්පාර දිස්ත්‍රික්කය ඇතිකළ බැව් සඳහන් වේ.
වැදගත් ස්ථාන
ගල්ඔය ජාතික වනඋද්‍යානය



අනුරාධපුර දිස්ත්‍රික්කය

ශ්‍රි මහ බෝධිය

රුවන්වැලි සැය


ලංකාරාමය


ජේතවනාරාමය


ඉසුරුමුණිය
ථුපාරාමය

සමධි බුදු පිලිමය

සදකඩ පහණ




බදුල්ල දිස්ත්‍රික්කය

දිසිවේ කොඩිය

දුන්හිඳ දිය ඇල්ල

දුම්දිය, දුංහිඳ යන අන්වර්ථනාමයෙන් හදුන්වනු ලබන ශ්‍රී ලංකාවේ කලාත්මක හා දාර්ශනීය දිය ඇල්ල නිර්මාණය වන්නේ බදුළු ඔයෙනි. අඩි 190 ක් පමණ උසැති මෙය වර්ෂය පුරාම දර්ශනීය ලෙස දිස්වුවත් වඩාත් සක්‍රීය වන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේය. දිය ඇල්ලට ලගා වීම සඳහා බදුල්ල මහියංගණ මහා මාර්ගයේ කි.මි. 4 1/2 ක දුරක් ගොස් එතැන් සිට කැලෑ රොදක් ඔස්සේ පා ගමනින් ගමන් කළ යුතු වුවත් සංචාරකයින්ට එයද ඇස්වාදනීය අත්දැකීමක් වේ.

දෙමොදර පාලම

ඇල්ල නගරයේ සිට පස්සර මාර්ගයේ කි.මි.2 ක් පමණ ගොස් වම් පස ඇති සදර්පන්ඩ් බංගලාව අසලින් ගොටුවල මාර්ගයේ ති.මි.01 ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මෙම පාලම මධුරගම ග්‍රාම නිලධාරි වසමට අයත් වන්නති. ආරුක්කු නවයකින් පිහිටා ඇති බැවින් අහස් නවය පාලම ලෙසද හඳුන්වයි. දිග අඩි 300 කින් හා පළල අඩි 25 කින් යුක්ත වේ. උස්බිම් දෙකක් යා කරමින් තනි කළුගල් කුට්ටි වලින් නිමවා ඇති පාලමේ උස අඩි 80 ත් 100 ත් අතර වේ. දියුණු ඉංජිනේරුමය තාක්ෂණය එක් කරමින් විශ්මිත ලෙස නිමවා ඇති මෙම පාලම කදුකරයට අපුර්වත්වයක් එක් කරයි. දේශීය කම්කරුවකුගේ උපදෙස් මත තැනීම් කටයුතු සිදුකර ඇති බවත් අවසානයේ ඔහු මරා දැමු බවත් ජනප්‍රවාදයේ පවති. මෙම ස්ථානයට වාහන ගමන් කිරීම අපහසු බැවින් පයින් ගමන් කළ යුතුය.

බෝගොඩ පාලම

හාලි ඇල නගරයේ සිට කැටවල හරහා ගලඋඩ මාර්ගයේ ගමන්කර, ජගුල්ල මන්සන්ධියෙන් වමට හැරි කි.මි.03 ක් පමණ ගිය විට. බෝගොඩ රජ මහා විහාරය‍ට ලගා විය හැකිය. විහාරය වලගම්බා රජ සමයට අයත් ලෙන් විහාරයක් වන අතර පැරණි බිතු සිතුවම් වලින් අලංකාර වි ඇත. මෙහි පාලම නුවර යුගයට අයත් වහලක් සහිත එකම ගී පාලම වේ.16 වන සියවසේ වලගම්බා රජු විසින් ඉදි කරවා ඇත. බෝගොඩ රජ මහා විහාරයේ සිට ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනකින් පාලම සකස් වී ඇත. දෙපස කැටයම් කරන ලද ගරාදි වැට යුගල 11 කින් සමන්විත වේ. වහලය සිංහල පැතගි උළු යොදා ආවරණය කර ඇත. පැරණි වට්ටෝරුවක් අනුව සකස් කරන ලද ද්‍රව්‍යක් ලී මත ආලේප කොට ඇත. පාලමෙහි සුවිශේෂත්වය වන්නේ ඇණ භාවිතයකින් තොරව සම්පුර්ණයෙන්ම ලීයෙන් පමණක් කිර්මාණය කර තිබීමයි.

ඇඩිෂම් ආශ්‍රමය - ශාන්ත ‍බෙනඩික් පුජාරාමය

ඓතිහාසික සෞන්දර්යාත්මක හා නැරඹුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වැදගත්වේ. පැහැදිලි කාලගුණික තත්වයන් පවතින අවස්ථාවකදී මෙම ස්ථානයේ සිට පිදුරුතලාගල කන්ද, රාගල, කදපොල, අඹේවෙල, බොරලන්ද, දියතලාව, බණ්ඩාරවෙල ආදි ප්‍රදේශ ගණනාවක් මෙහිදි නැරඹිය හැකිය.

ඇඩෂම් බංගලාවේ නිර්මාතෘ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්ය. මොහු මෙම බංගලාවේ ඉදිකිරීම 1920 දී අරඹා 1931 වන විට අවසන් කොට ඇත. ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ඉදිකර ඇති මෙම බංගලාවේ කාමර 52 කින් සමන්විතය.විලියර්ස් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය සියළුම අමු ද්‍රව්‍ය ස්කොට් ලන්තයෙන් ආනයනය කරන ලද ඒවාය

මඩකලපුව දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය

ගාල්ල දිස්ත්‍රික්කය

යාපනය දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කය

නුවර දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කය

කිලිනොච්චි දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කය




පළාත = = = = = = = දකුණු පළාත
බිම් ප්‍රමාණය
  • සම්පුර්ණ-------------1,283 km2 (495.4 sq mi)
  • ගොඩබිම්------------1,270 km2 (490.3 sq mi)
  • ජලය----------------13 km2 (5 sq mi)
  • ජනගහනය-----------76,254 (2001දි)
  • තැපැල් සංකේතය-----81***
  • දුරකථන කේතය------041
දුර ප්‍රමාණ
  • කොළඹ සිට---------160km
වැදගත් ස්ථාන
මාතර බෝධිය


වැවුරුකන්නල

දෙවුන්දර ප්‍රදිපාගාරය

තාරකා කොටුව



වෙනත් වැදගත් ස්ථාන


මොණරාගල දිස්ත්‍රික්කය

මුලතිව් දිස්ත්‍රික්කය

නුවර එළිය දිස්ත්‍රික්කය

පොළොන්නරුව දිස්ත්‍රික්කය

පුත්තලම දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය