බදුල්ල දිස්ත්‍රික්කය

දිසිවේ කොඩිය

දුන්හිඳ දිය ඇල්ල

දුම්දිය, දුංහිඳ යන අන්වර්ථනාමයෙන් හදුන්වනු ලබන ශ්‍රී ලංකාවේ කලාත්මක හා දාර්ශනීය දිය ඇල්ල නිර්මාණය වන්නේ බදුළු ඔයෙනි. අඩි 190 ක් පමණ උසැති මෙය වර්ෂය පුරාම දර්ශනීය ලෙස දිස්වුවත් වඩාත් සක්‍රීය වන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේය. දිය ඇල්ලට ලගා වීම සඳහා බදුල්ල මහියංගණ මහා මාර්ගයේ කි.මි. 4 1/2 ක දුරක් ගොස් එතැන් සිට කැලෑ රොදක් ඔස්සේ පා ගමනින් ගමන් කළ යුතු වුවත් සංචාරකයින්ට එයද ඇස්වාදනීය අත්දැකීමක් වේ.

දෙමොදර පාලම

ඇල්ල නගරයේ සිට පස්සර මාර්ගයේ කි.මි.2 ක් පමණ ගොස් වම් පස ඇති සදර්පන්ඩ් බංගලාව අසලින් ගොටුවල මාර්ගයේ ති.මි.01 ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මෙම පාලම මධුරගම ග්‍රාම නිලධාරි වසමට අයත් වන්නති. ආරුක්කු නවයකින් පිහිටා ඇති බැවින් අහස් නවය පාලම ලෙසද හඳුන්වයි. දිග අඩි 300 කින් හා පළල අඩි 25 කින් යුක්ත වේ. උස්බිම් දෙකක් යා කරමින් තනි කළුගල් කුට්ටි වලින් නිමවා ඇති පාලමේ උස අඩි 80 ත් 100 ත් අතර වේ. දියුණු ඉංජිනේරුමය තාක්ෂණය එක් කරමින් විශ්මිත ලෙස නිමවා ඇති මෙම පාලම කදුකරයට අපුර්වත්වයක් එක් කරයි. දේශීය කම්කරුවකුගේ උපදෙස් මත තැනීම් කටයුතු සිදුකර ඇති බවත් අවසානයේ ඔහු මරා දැමු බවත් ජනප්‍රවාදයේ පවති. මෙම ස්ථානයට වාහන ගමන් කිරීම අපහසු බැවින් පයින් ගමන් කළ යුතුය.

බෝගොඩ පාලම

හාලි ඇල නගරයේ සිට කැටවල හරහා ගලඋඩ මාර්ගයේ ගමන්කර, ජගුල්ල මන්සන්ධියෙන් වමට හැරි කි.මි.03 ක් පමණ ගිය විට. බෝගොඩ රජ මහා විහාරය‍ට ලගා විය හැකිය. විහාරය වලගම්බා රජ සමයට අයත් ලෙන් විහාරයක් වන අතර පැරණි බිතු සිතුවම් වලින් අලංකාර වි ඇත. මෙහි පාලම නුවර යුගයට අයත් වහලක් සහිත එකම ගී පාලම වේ.16 වන සියවසේ වලගම්බා රජු විසින් ඉදි කරවා ඇත. බෝගොඩ රජ මහා විහාරයේ සිට ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනකින් පාලම සකස් වී ඇත. දෙපස කැටයම් කරන ලද ගරාදි වැට යුගල 11 කින් සමන්විත වේ. වහලය සිංහල පැතගි උළු යොදා ආවරණය කර ඇත. පැරණි වට්ටෝරුවක් අනුව සකස් කරන ලද ද්‍රව්‍යක් ලී මත ආලේප කොට ඇත. පාලමෙහි සුවිශේෂත්වය වන්නේ ඇණ භාවිතයකින් තොරව සම්පුර්ණයෙන්ම ලීයෙන් පමණක් කිර්මාණය කර තිබීමයි.

ඇඩිෂම් ආශ්‍රමය - ශාන්ත ‍බෙනඩික් පුජාරාමය

ඓතිහාසික සෞන්දර්යාත්මක හා නැරඹුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වැදගත්වේ. පැහැදිලි කාලගුණික තත්වයන් පවතින අවස්ථාවකදී මෙම ස්ථානයේ සිට පිදුරුතලාගල කන්ද, රාගල, කදපොල, අඹේවෙල, බොරලන්ද, දියතලාව, බණ්ඩාරවෙල ආදි ප්‍රදේශ ගණනාවක් මෙහිදි නැරඹිය හැකිය.

ඇඩෂම් බංගලාවේ නිර්මාතෘ සර් තෝමස් ලෙස්ටර් විලියර්ස්ය. මොහු මෙම බංගලාවේ ඉදිකිරීම 1920 දී අරඹා 1931 වන විට අවසන් කොට ඇත. ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ඉදිකර ඇති මෙම බංගලාවේ කාමර 52 කින් සමන්විතය.විලියර්ස් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය සියළුම අමු ද්‍රව්‍ය ස්කොට් ලන්තයෙන් ආනයනය කරන ලද ඒවාය